වසරේ මේ දක්වා ලංකාවට සංචාරකයින් මිලියන 1.9ක්
මේ වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් මිලියන 1.9කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
එහි සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් කළේ දෙසැම්බර් මාසයේ මේ දක්වා 90,000කට අධික ප්‍රමාණයක් පැමිණ ඇති බවයි.
එමෙන්ම දෙසැම්බර් මාසය තුළ පමණක් සංචාරකයින් 250,000ක් පැමිණෙනු ඇතැයිද සංචාරක සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කලේය.
සංචාරක පැමිණීම මෙම වසර තුළ මිලියන 2.2 ඉලක්කයක් සපුරාලීමට අපේක්ෂා කරන බවත් එම ඉලක්කය සපුරාලීමෙන් පසු 2018 වසරෙන් පසුව මිලියන දෙකක ඉලක්කය සැපිරූ ප්‍රථම අවස්ථාව මෙය බවට පත් වෙනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.