යාපනයේ සිදු වූ පුද්ගල මරණ 7කට හේතුව මී උණ බව තහවුරු වෙයි

0
යාපනයේ සිදු වූ පුද්ගල මරණ 7කට හේතුව මී උණ බව තහවුරු වෙයි

යාපනයේ සිදු වූ පුද්ගල මරණ 7කට හේතුව මී උණ බව තහවුරු වෙයි

මී උණ වැළඳීමෙන් යාපනයේ පුද්ගල මරණ 7ක් වාර්තා වී ඇතැයි මේ වනවිට තහවුරු වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය සඳහන් කළේ, මී උණ රෝගීන් 58 දෙනෙකු සෙනසුරාදා (14) වනවිට වාර්තා වී ඇති බවයි.

යාපනය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 3කින් රෝගීන් වාර්තා වේ. ඒ, පේදුරුතුඩුව, චාවකච්චේරී සහ කරවෙට්ටි යන ප්‍රදේශවලිනි.

විශේෂඥ වෛද්‍ය තුෂානී දාබරේරා මහත්මිය සඳහන් කළේ, ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක බවයි. ඊට අමතරව ඉන්ෆ්ලුවෙන්සා සහ ඩෙංගු උණ රෝගීන්ද එම ප්‍රදේශවලින් වාර්තා වී ඇත.

උණ රෝගය වැළඳුණු පුද්ගලයින් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගත යුතු බවද තුෂානී දාබරේරා මහත්මිය සඳහන් කළාය.

මේ අතර උණ රෝගය වැළඳුණු 23 හැවිරිදි තරුණයෙකුද සෙනසුරාදා දින (14) මියගොස් තිබේ.
ඒ, පේදුරුතුඩුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයී.

ඔහු මියගියේ මී උණ ආසාදිතවද යන්න මෙතෙක් තහවුරු වී නැත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com