ඊශ්‍රායල රැකියා සඳහා ගිය ලාංකිකයින් 17ක් පිටුවහල් කරයි

0
ඊශ්‍රායල රැකියා සඳහා ගිය ලාංකිකයින් 17ක් පිටුවහල් කරයි

ඊශ්‍රායල රැකියා සඳහා ගිය ලාංකිකයින් 17ක් පිටුවහල් කරයි

ඊශ්‍රායලයේ රැකියා සඳහා ගිය ලාංකිකයින් 17 දෙනෙකු පිටුවහල් කිරීමට එරට රජය තීරණය කර තිබේ.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ, කෘෂිකර්ම වීසා මත පැමිණි ඔවුන් සේවා ස්ථානවලින් පළා ගොස් බේකරිවල සේවයේ යෙදී ඇති බවයි.

එහිදී අත්අඩංගුවට පත්ව ඇති ඔවුන්, එරට ආරක්ෂක අංශ භාරයේ රඳවා ගෙන ඇතැයි නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේය.

ඊශ්‍රායලය, සිය රටට පැමිණෙන විදේශකයින් පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන රටක් වන අතර සේවා කොන්දේසි කඩ කළ තවත් ලාංකික සාත්තු සේවිකාවක් හා පුද්ගලයෙකු පසුගියදා යළි මෙරටට එවා තිබුණි.
ඒ, අසාදු ලේඛනගත කිරිම නිසාවෙනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com