කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියා මාර්ග ගන්නවා – ජනාධිපති
කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියා මාර්ග ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.
අද (13) පෙරවරුවේ රජයේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැත් වූ හමුවකදී ජනාධිපතිවරයා කියා සිටියේ ඉතිහාසයේ පළමුවරට මේ රටේ ජනතාව අවස්ථා දෙකකදී අපට සහ ජාතික ජන බලවේගයට ලබා දුන් ඓතිහාසික ජන වරමේ අර්ථය සහ හරය කුමක්ද කියන එක සම්බන්ධව අපට පුළුල් කියවීමක් ඇති බවයි.
එමෙන්ම ප්‍රමිතිගත සහ ස්ථාවර රටක් නිර්මාණය කරනු ඇතැයි යන විශ්වාසය ඇතිව මේ රටේ ජනතාව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බිහි කර ඇති බවත් ඒ සුවිශේෂී විශ්වාසයට අබමල් රේණුවකින් හෝ හානියක් වන්නට ආණ්ඩුව කිසි විටෙකත් ඉඩක් නොතබන බවත් ඔහු තවදුරත් එහිදී පැවසුවා.