ලොව ලාබාලතම චෙස් ශූරයා ඉන්දියාවෙන්
 
                ලොව ලාබාලතම චෙස් ශූරයා
ලොව ලාබාලතම චෙස් ශුරයා ඉන්දියාවෙන් තේරී පත්ව තිබෙනවා.
ඔහු නමින්, ගුකේෂ් දොමරජු (Gukesh Dommaraju)
18 හැවිරිදි ගුකේෂ් ඊයේ (12) සිංගප්පූරුවේ පැවති ලෝක ශූරතා චෙස් තරගාවලියේ අවසන් මහා තරගයේදී මෙම වාර්තාවට හිමිකම් කියා තිබුණේ, වත්මන් ශූර චීනයේ ඩිං ලිරන් (Ding Liren) අභිබවා යමින්.
ගුකේෂ් සිය ප්‍රතිවාදියා වූ චීන ජාතික ඩිං ලිරන් පරාජයට පත් කළේ 07ට 05ක් සහ 06ට 05ක් ලෙසින්.
ඔහුට හිමි මූල්‍ය ප්‍රදානය ඇමරිකානු ඩොලර් මිලියන 1.35ක්.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ 1985 වසරේදී ලෝක චෙස් ශූරතාවය දිනා ගත් රුසියාවේ ගැරී කැස්පරොව් වන අතර ඔහු ඒ වන විට 22 හැවිරිදි වියේ පසුවුණා.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        