ගාසා රෝහලේ නේවාසික රෝගීන් කුසගින්නෙන් මිය යාමේ අවදානමක්
ගාසා රෝහලේ නේවාසික රෝගීන් 60 දෙනෙකු කුසගින්නෙන් මිය යාමේ අවදානමක් පවතින බව බලධාරීන් පවසයි.
ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවන්නේ ආහාර හා ජලය නොමැතිකම හේතුවෙන් රෝගීන් මිය යා හැකි බවයි.
එහි රැඳී සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයා ජගත් ආරක්ෂක කවුන්සිලයට මේ පිළිබඳව දැනුවත් කර තිබෙන අතර උතුරු ගාසා තීරයේ ඉන්දුනීසියානු රෝහලේයි මෙම තත්ත්වය බහුලව දැකගත හැකි වන්නේ.
තුවාල ලැබූ රෝගීන් විශාල පිරිසකට ආහාර හා ජලය නොමැතිකම හේතුවෙන් ඔවුන් මිය යාමේ අවදානමක් පවතියි.
මේ අතර ගාසා තීරයේ සමූල ඝාතනයකින් පුද්ගලයින් 28 දෙනෙකු ඝාතනයට පත්ව තවත් 54 දෙනෙකු තුවාල ලබා සිටිනවා.
පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා සිට ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 44,786 දෙනෙකු ඝාතනයට පත් වි තිබෙයි.