සිරියාවට අන්තර්වාර අගමැති මොහොමඩ් අල්-බෂීර්

සිරියාවට අන්තර්වාර අගමැතිවරයෙක්
සිරියාවේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ් අල්-බෂීර්ව පත්කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඔහුගේ පත්වීම 2025 මාර්තු 01වනදා තෙක් ක්‍රියාත්මකය.
කැරලිකරුවන් විසින් පාලනය කළ රජයේ ප්‍රධානියා ලෙසද ඔහු ඊට පෙර කටයුතු කළේය.
පසුගිය ඉරිදා දිනයේදි (08) සිරියාවේ ජනාධිපති ලෙස කටයුතු කළ බෂාර් අල්-අසාද් සිය ධුරයෙන් ඉවත්වී එරටින් පැනගියේය.
ඔහු මේ වනවිට රුසියාවේ රැකවරණය සහිතව සිටියි.