වගා හානි ගැන 10 වැනිදාට පෙර දැනුම් දෙන්නැයි ඉල්ලීමක්

0
වගා හානි ගැන 10 වැනිදාට පෙර දැනුම් දෙන්නැයි ඉල්ලීමක්

වගා හානි ගැන 10 වැනිදාට පෙර දැනුම් දෙන්නැයි ඉල්ලීමක්

පසුගිය දිනවල පැවති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් සිදු වූ වගා හානි පිළිබඳ ලබන 10 වැනිදාට පෙර දැනුම් දෙන්නැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවට දැනුම් දෙයි.

එහි සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා සඳහන් කළේ, අනතුරුව නිලධාරීන් ගොවිබිම් වෙත ගොස් හානිය ඇස්තමේන්තු කරන බවයි.

ජලයෙන් යට වූ වගා බිම් 25%කට පමණ හානි වී ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර ජලයෙන් යටවී පූර්ණ හානි වූ වගාබිම් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක් ගෙවන බව නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.

තවද පසුගිය දිනවල ඇති වූ අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් වගා සඳහා සිදු වූ හානි යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා සහය ලබාදිය හැකි බව ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා සමග පැවැති සාකච්ඡාවකදී එම සංවිධානයේ නියෝජිතයින් ඒ බව පවසා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com