මැති ඇමති වරප්‍රසාද ගැන සෙවූ කමිටු වාර්තාව ජනපති වෙතට
මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දී තිබේ.
ඒ, එම කමිටුවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතා විසිනි.
මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතාගේ මූලිකත්වයෙන් මෙම කමිටුව පත් කෙරිණි.
වාර්තාව භාරදීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද එක්ව සිටියේය.