ආපදා මරණ ගණන 17ක් දක්වා ඉහළට
අයහපත් කාලගුණය හේතුවෙන් වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ආපදා නිසා තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
එමෙන්ම මේ වන විට පවුල් පවුල් 142,624ක පුද්ගලයින් 479,871ක් අවතැන් වී සිටින අතර නිවාස 103ක් සම්පූර්ණයෙන් හානියට ලක්වී තිබෙනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට ලක්ව සිටින පුද්ගලයින් 27,517ක් සහන මධ්‍යස්ථානවල රඳවා ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.