ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයකින් පලස්තීනු වැසියන් 26ක් ජීවිතක්ෂයට
ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් පලස්තීනු වැසියන් 26 දෙනෙකු ඝාතනයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානය සමඟ ලෙබනනයේ සටන් විරාමයක් ආරම්භ කර දිනකට පසුව මෙම ප්‍රහාරය එල්ල කිරීම විශේෂත්වයක් බවයි වාර්තා වන්නේ.
ගැටුම් ආරම්භ වූ පසුගිය වසරේ ඔක්තොම්බර් 07 වැනිදා සිට මේ දක්වා ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයන් 44,200කට ආසන්න පිරිසක් ඝාතනයට පත්ව තිබෙන බවටයි එම නිවේදන වල සඳහන් වන්නේ.