පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනාට වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනාට වරෙන්තු
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනාට යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට අද දින (26) නියෝග කළේය.
ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසිනි.
මන්ත්‍රීවරයා විසින් 2021 වසරේ මාර්තු 22වන දින බේස්ලයින් මාර්ගයේදී ලසන්ක අබේවර්ධන යන අය පැදවූ මෝටර් රථය අනතුරට පත් කර, ඔහුට පහරදී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩුව අද (26) කැඳවනු ලැබීය.
සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා දිගින් දිගටම අධිකරණ මග හරිමින් සිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කරන ලදී.
මීට පෙර නඩු දිනයේද ඔහුට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබුණද, එම වරෙන්තු ක්‍රියාත්මක වීමක් සිදු වූයේ නැත.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ අසංක මෙන්ඩිස්, නීතිඥ ෂෙහාන් රාජපක්ෂ සහ විනුර ජිනදාස යන නීතිඥවරුන් පෙනී සිටියේය.