ඉම්රාන්ට නිද­හස ඉල්ලා ලක්ෂ සංඛ්‍යාත ජන­තාව අග­නු­ව­රට; ලොව පුරා ස්ථාන 60ක විරෝ­ධතා

0
ඉම්රාන්ට නිද­හස ඉල්ලා ලක්ෂ සංඛ්‍යාත ජන­තාව අග­නු­ව­රට; ලොව පුරා ස්ථාන 60ක විරෝ­ධතා

ඉම්රාන්ට නිද­හස ඉල්ලා ලක්ෂ සංඛ්‍යාත ජන­තාව අග­නු­ව­රට; ලොව පුරා ස්ථාන 60ක විරෝ­ධතා

සිර­ගත කර සිටින පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන් නිද­හස් කරන ලෙස රජ­යට බල කර­මින් ලක්ෂ සංඛ්‍යාත ජන­තාව දස­දෙ­සින් ඉස්ලා­මා­බාද් අග­නු­ව­රට ඇතු­ළු­ වෙ­මින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉම්රාන්ගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂය විසින් සංවි­ධාන කළ එම විරෝ­ධතා පා ගමන පාකි­ස්තා­නයේ නගර රැසක සිට අති­වි­ශාල ජන සහ­භා­ගි­ත්ව­යෙන් අග­නු­වර කරා ළඟාවී ඇති බවත්, රජයේ නියෝග මත ඉස්ලා­මා­බාද් අග­නු­ව­රට ඇතු­ළු­වීම වැළැ­ක්වීම සඳහා සියලු ප්‍රධාන මාර්ග කන්ටේ­නර් බහා­ලුම් යොදා අව­හිර කළද ඒ සියලු මාර්ග බාධක නොත­ක­මින් ජන­තාව ඉදි­රි­යට ඇදෙ­මින් සිටින බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

මේ අතර පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන් නිද­හස් කරන ලෙස ඉල්ලා විදෙස් රට­වල් ගණ­නා­වක 60කට අධික ස්ථාන­වල විරෝ­ධතා රැලි ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රට­වල් රැසක පදිං­චිව සිටින හා රැකි­යාවේ නිර­තව සිටින දහස් සංඛ්‍යාත පාකි­ස්තාන ජන­තාව වීදි බැස එම විරෝ­ධතා සඳහා සහ­භාගි වෙමින් සිටින බවද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

අමෙ­රි­කාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය කේන්ද්‍ර කර­මින් සහ චිකාගෝ ඇතුළු නගර රැස­කත්,ටයිම්ස් චතු­ර­ස්‍රය ඉදි­රි­පි­ටත් විරෝ­ධතා පැවැ­ත්වෙන අතර, නව­සී­ල­න්තයේ ඕක්ලන්ඩ් නුවර, ප්‍රංශය, ලන්ඩ­නයේ අග­මැති නිවෙස අසල, බෙල්ජි­යමේ බෘසල්ස් නුවර යුරෝපා පාර්ලි­මේ­න්තුව ඉදි­රි­පිට, ජපා­නය, ස්වීඩ­නය, ග්‍රීසිය, සිඩ්නි, ජර්ම­නිය, මෙල්බර්න්, ස්පාඤ්ඤය, ඉතා­ලිය, නෝර්වේ ඇතුළු රට­වල් රැසක විවිධ ස්ථාන­වල එම විරෝ­ධතා රැලි පැවැ­ත්වෙන බව විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com