2024දී ලොව පුරා සහන සේවකයන් 333ක් ඝාතනයට – එක්සත් ජාතීන්ගේ සංවිධානය

0
2024දී ලොව පුරා සහන සේවකයන් 333ක් ඝාතනය වෙලා - එක්සත් ජාතීන්ගේ සංවිධානය

2024දී ලොව පුරා සහන සේවකයන් 333ක් ඝාතනය වෙලා - එක්සත් ජාතීන්ගේ සංවිධානය

මෙම වසරේදී ලොව පුරා සහන සේවකයන් 333 දෙනෙකු ඝාතනයට පත් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඉන් බහුතරය ගාසා තිරයේදී ඝාතනයට ලක්වූවන් බවයි වාර්තා වන්නේ. මේ අනුව 2024 මානුෂීයවාදීන්ගේ මාරාන්තික වසර බවට පත් කර ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

2023 වසරේදී ලොව පුරා රටවල් 33ක මානුෂීයවාදීන් 280ක් ඝාතනයට ලක්ව තිබේ.

මේ වසරේ මේ දක්වා මියගිය සහන සේවකයන් 333 දෙනා අතර වැඩි පිරිසක් පලස්තීන සරණාගතයින්ට සහය දක්වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය නියෝජනය කරනවා. එහි කාර්ය මණ්ඩලයේ 243ක් මෙලෙස මියගොස් තිබෙනවා.

ගාසා තීරය හැරුණු විට ඇෆ්ගනිස්ථානය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, සුඩානය සහ යුක්‍රේනය ඇතුළු රටවල් රැසක සහන සේවකයන් පැහැරගැනීම්, තුවාල කිරීම්, හිරිහැර කිරීම් හා අත්තනෝමතික ලෙස රඳවා තබාගැනීම්වලටද ලක් ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com