නීතිවිරෝධී ගිනි අවි 5ක් සමග 5 දෙනෙකු අත්අඩංගුවට

ගිනි අවි 3 සමග සැකකරුවන් 3ක් අරලගංවිලදී අත්අඩංගුවට
නීති විරෝධීව ගිනි අවි ළඟ තබාගෙන සිටි සැකකරුවන් 5 දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවල කළ වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, නිකවැරටිය,කොළොන්න, හබරාදූව, ඉඟිනියාගල හා පොතුවිල් ප්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට පත්වූවන් 19,29,36,60 හා 53 හැවිරිදි වයස් වල සැකකරුවන්ය.
ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.