කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ නව සභාපති වැඩ භාර ගනියි

0
කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ නව සභාපතිවරයා වැඩ භාර ගනියි

කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ නව සභාපතිවරයා වැඩ භාර ගනියි

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස එච් අබ්දුල් සත්තාර් මහතා වැඩභාර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ ලේඛකාධිවරයා ලෙස කටයුතු කළ ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබද මූලික උපාධිය හදාරා තිබෙන බවයි සඳහන් වන්නේ.

වැඩ භාර ගනිමින් සභාපතිවරයා සඳහන් කළේ නව රජයේ ප්‍රතිපත්තිවලට අනුගත වෙමින් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය මෙරට කීර්තිමත් ආයතනයක් බවට පත්කරන බවයි.

යල්පැන ගිය වෘත්තීය පුහුණු පාඨමාලා වෙනුවට වර්තමාන වැඩ ලෝකයට ගැලපෙන නව පාඨමාලා හදුන්වාදීම මූලික අරමුණක් වන අතර ආධුනිකත්ව පුහුණු ලාභීන් සියලු දෙනා ශ්‍රම වෙළෙදපොල තුළ ඉහළ වටිනාකමක් සහිත නිපුණ ශිල්පීන් බවට පත් කිරීමට පියවර ගන්නා බවයි අබ්දුල් සත්තාර් මහතා සඳහන් කර තිබෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com