ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහුගේ නිවසට ෆ්ලෑෂ් බෝම්බ ප්‍රහාර එල්ල කිරිම සම්බන්ධයෙන් ඊශ්‍රායල පොලීසිය විසින් පුද්ගලයින් 3 දෙනෙකු අත් අඩංගුවට….

0

පසුගිය ඉරිදා දින ( 17) උතුරු ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහුගේ නිවසට ෆ්ලෑෂ් බෝම්බ ප්‍රහාර එල්ල කිරිම සම්බන්ධයෙන් ඊශ්‍රායල පොලීසිය විසින් පුද්ගලයින් 3 දෙනෙකු අත් අඩංගුවට ගත් බව ඇනඩොලු ප්‍රවෘත්ති එජන්සිය වාර්තා කරයි.
පසුගිය සෙනසුරාදා දිනයේ සිසේරියාහි නෙතන්‍යාහුගේ නිවසේ වත්තට ෆ්ලෑශ් බෝම්බ 2ක් වැටුනු බවට වාර්තා වූ අතර එදින නෙතන්‍යාහු හෝ ඔහුගේ පවුලේ කිසිවෙක් නිවසේ නොසිටිය නිසාවෙන් කිසිඳු හානියක් වාර්තා වී නොමැති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 3 දෙනෙකු අත් අඩංගුවට ගත් බවත්,ඔවුන් විසින් ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරිමට අපොහොසත් වූ බව ඊශ්‍රායල මහජන විකාශන ආයතනය වන KAN මඟින් පවසා තිබේ.
ඊශ්‍රායලයේ දිනපතා පළවන පුවත්පතක් වන Yedioth Ahronoth මඟින් වාර්තා කර ඇත්තේ එම අත් අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් එක් පුද්ගලයකු පසුගිය වසර 2ක කාලය තුල නෙතන්‍යාහුගේ රජයට එරෙහිව විරෝධතා වල ක්‍රියාකාරි සමාජිකයකු වූ ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර් ජනරාල්වරයකුද වන බවයි.
පසුගිය සෙනසුරාදා මෙම සිද්ධිය සිදු වුයේ හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාරයෙන් මාසයකට කාලයකට ආසන්න වන දිනයකදි වන අතර ඒ වන විටත් නෙතන්‍යාහු හෝ ඔහුගේ පවුලේ කිසිවෙක් නිවසේ සිට නැත.
පසුගිය වසර මුළුල්ලේම 43,800 කට ආසන්න කාන්තාවන් හා ළමුන් ඝාතනය කර ඇති ඊශ්‍රායලයේ කුරිරු ප්‍රාහාරයන් හේතුවෙන් කලාපීය වශයෙන් ආතතිය උත්සන්න වී ඇති අතර මෙම ප්‍රහාර පලස්තීන රට පුරාම සිදු කිරිමත් සමඟම අදවන විට මෙම ගැටුම් ලෙබනනය දක්වාද පැතිර ගොස් තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com