නොවැම්බර් මස මුල් දවස් 05 පමණක් විදෙස් සංචාරකයින් 30,000ක්

0
නොවැම්බර් මස මුල් දවස් 05ට විදෙස් සංචාරකයින් 30,000ක්

නොවැම්බර් මස මුල් දවස් 05ට විදෙස් සංචාරකයින් 30,000ක්

2024 නොවැම්බර් මස මුල් දින 05 තුළදී විදෙස් සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙහිදී නොවැම්බර් මුල් දින 04 තුළ සෑම දිනක දීම හයදහස ඉක්මවූ සංචාරකයින් සංඛ්‍යාවක් බැගින් සහ ඉතිරි දිනයේදී පන්දහස ඉක්මවූ සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ තිබීම විශේෂත්වයකි.

මේ සමඟම 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1,651,335ක් දක්වා ඉහළ ගොස් ඇත.

ශීත සෘතුවේ ආරම්භයත් සමඟ යුරෝපා සහ රුසියානු සංචාරකයින්ගේ පැමිණීම මේ වන විට ක්‍රමයෙන් වැඩිවීමක් පෙන්නුම් කරන අතර නොවැම්බර් මුල් දින 05 තුළ රුසියානු සමූහාණ්ඩුවෙන් 4,488ක සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ තිබීම විශේෂත්වයකි.

මීට අමතරව ජර්මනියෙන් 2,752ක්, එක්සත් රාජධානියෙන් 1,821ක් සහ ඕස්ට්‍රේලියාවෙන් 1,227ක් ලෙසින් මෙම දින 05 තුළ වැඩි වශයෙන් මෙරටට සංචාරකයින් පැමිණ තිබේ.

මෙම දින 05 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 7,785කි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com