උතුරු ගාසා තීරයේ සාගත තත්ත්වයක් ඇතිවිය හැකියි – ජගත් සංවිධානය

0
උතුරු ගාසා තීරයේ සාගත තත්ත්වයක් ඇතිවිය හැකියි - ජගත් සංවිධානය

උතුරු ගාසා තීරයේ සාගත තත්ත්වයක් ඇතිවිය හැකියි - ජගත් සංවිධානය

උතුරු ගාසා තීරයේ සාගත තත්ත්වයක් ඇතිවිය හැකි බවට ජගත් සංවිධානය අනතුරු අඟවනවා.

ගාසා තීරයේ කුඩා දරුවන් හා වැඩිහිටියන් සීඝ්‍රයෙන් මන්දපෝෂණයට ගොදුරු වන බවට පසුගියදා වෛද්‍යවරුන් අනතුරු ඇඟවීමක් සිදුකළා. ඒ සමගයි ජගත් සංවිධානය සාගත තත්ත්වයක් පිළිබඳ අනතුරු අඟවා ඇත්තේ.

ඊයේ (09) දිනයේදී ඊශ්‍රායලය උතුරු ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුර ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඒ අතරට කුඩා දරුවන් 13 දෙනෙකුද ඇතුළත්.

මේ අතර අවතැන් ජනතාවට භාවිතය සඳහා වන ජලය අවම වීම හේතුවෙන් ලෙබනනයේ අවතැන් කාන්තාවන් දැඩි පීඩාවට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එම කාන්තාවන්ට තම සනීපාරක්ෂක කටයුතු සිදුකර ගැනීමට හෝ පිරිසිදු වීමට ප්‍රමාණවත් තරම් ජලය නොමැති බවද වාර්තා වනවා. එමෙන්ම ලෙබනනයේ අවතැන් පිරිස අතරින් එකොළොස් දහසකට අධික සංඛ්‍යාවක් ගර්භනී කාන්තාවන් බව ජගත් සංවිධානය නිවේදනය කරනවා.

ඔවුන්ට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර පිරිසිදු ජලය, සනීපාරක්ෂක සැපයුම් හා ප්‍රසව කටයුතුවලට සම්බන්ධ පහසුකම් සැපයීම අභියෝගයක් වී ඇති බවද එම සංවිධානය පෙන්වා දෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com