ගාසා තීරයේ යුධ ගැටුම් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වු 70%ක් කාන්තාවන් සහ ළමුන් – UN

0
ගාසා තීරයේ යුධ ගැටුම් හේතුවෙන් මියගිය පිරිසේ 70%ක් කාන්තාවන් සහ ළමුන් - UN

ගාසා තීරයේ යුධ ගැටුම් හේතුවෙන් මියගිය පිරිසේ 70%ක් කාන්තාවන් සහ ළමුන් - UN

ගාසා තීරයේ යුධ ගැටුම් හේතුවෙන් ජීවිතක්ෂයට පුද්ගලයින්ගෙන් සියයට 70ක් කාන්තාවන් සහ ළමුන් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

2023 නොවැම්බර් මාසයේ සිට 2024 අප්‍රේල් දක්වා මාස හය ආවරණය වන පරිදි පිටු 32කින් යුත් වාර්තාවක සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කරමින් එම සංවිධානය මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම වාර්තාවේ දැක්වෙන්නේ යුධ ගැටුම් හේතුවෙන් ගතවූ මාස 13ක කාලය තුළ ගාසා තීරයේ පුද්ගලයින් 43,300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඒ අතරින් සියයට 44ක් ළමුන් වන අතර සියයට 26ක් කාන්තාවන් බවද සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com