අන්තර්ජාලයෙන් මුදල් වංචා කළ 59 දෙනෙකු අත්අඩංගුවට

0
අන්තර්ජාලයෙන් මුදල් වංචා කළ 59 දෙනෙකු අත්අඩංගුවට

අන්තර්ජාලයෙන් මුදල් වංචා කළ 59 දෙනෙකු අත්අඩංගුවට

කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයක සිට අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 59 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (08) පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 23 දෙනෙකු කාන්තාවන් බව සඳහන්. අත්අඩංගුවට ගත් පිරිස දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් බවටයි අනාවරණය වී ඇත්තේ.

එම ස්ථානයේ සිදුවන නීතිවිරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට මෙරට පිහිටි විදේශීය තානාපති කාර්යාලයක් මගින් සිදු කරනු ලැබුණු තොරතුරක් මතයි අදාළ වැටලීම සිදු කර ඇත්තේ.

අදාළ වැටලීම සිදු කළ ස්ථානයේ තිබී පරිගණක 167ක් පොලිස් භාරයට ජංගම දුරකථන 61ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com