ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයෙන් විශේෂ නිවේදනයක්

0
ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයෙන් විශේෂ නිවේදනයක්

ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයෙන් විශේෂ නිවේදනයක්

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

වර්තමානයේ පවතින සැබෑ තත්ත්වය පෙන්වාදීම සඳහා මෙන්ම අර්බුදය විසඳීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන දැනුවත් කිරීම සඳහා අදාළ නිවේදනය නිකුත් කළ බව එහි සඳහන්ය.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජනතාව විසින් තෝරාපත් කරගත් ජනාධිපතිවරයාව අසීරුතාවයට පත්වීමට දෙපාර්තමේන්තු ඉහළ පරිපාලනය විසින් ලබාදුන් සාවද්‍ය තොරතුරු හේතුවූ බවය.

සංඛ්‍යා දත්ත, තොරතුරු සියල්ල දෙපාර්තමේන්තුව සතුව තිබියදී රජයේ සමස්ත කාර්යභාරයෙන් තුනෙන් එකක ප්‍රමාණයක් ආවරණය කළ යුතු අතිශය භාරදුන් කාර්යභාරයක නියැලී සිටින විෂයභාර අමාත්‍යවරයාට කොතරම් කටුක වුවද විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම හා සම්බන්ධව පවතින සත්‍ය තත්ත්වය දෙපාර්තමේන්තු බලධාරීන් විසින් අනාවරණය නොකිරීම කනගාටුවට කරුණක් බවද ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පවසයි.

පැරණි දේශපාලන අධිකාරියේ හිතවත්කම් මත තනතුරු ලබාගත් ඉහළ කිහිපදෙනෙකුගේ අත්තනෝමතික කටයුතු ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමින් මෙම අර්බුදයට විසඳුම් ලබාගත හැකි බව වෘත්තීය සමිතියක් ලෙස තමන් පිළිනොගන්නා බවද අදාළ නිවේදනය මඟින් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පෙන්වාදී තිබේ.

එනිසා මහජනතාව අසීරුතාවයට පත්කළ එවැනි නිලධාරීන් කවුරුන් දැයි හෙළි කිරීම තම සංගමයේ වගකීම වන බවත්, ඒ සඳහා විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කළ යුතු බවත් අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

ඒ සඳහා අදාළ ආයතනවලට බලකිරීමට ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය කටයුතු කළ අතර, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදය නිශ්චිතව අවසන් කිරීමට නොපමාව ක්‍රියාකළ යුතු බවට දෙපාර්තමේන්තු බලධාරීන් වෙත අවධාරණය කරන බවද එම නිවේදනයේ සඳහන්ය.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com