කෝටි 10ක අයිස් සමඟ තායිලන්ත කාන්තාවක් කටුනායක දී අත්අඩංගුවට

0
කෝටි 10ක අයිස් සමඟ තායිලන්ත කාන්තාවක් කටුනායක දී අත්අඩංගුවට

කෝටි 10ක අයිස් සමඟ තායිලන්ත කාන්තාවක් කටුනායක දී අත්අඩංගුවට

සිංගප්පූරුවේ සිට ගුවන් මගින් පැමිණි විදේශිය කාන්තාවක් සතුව තිබී රුපියල් කෝටි 10ක වටිනාකමක් සහිත අයිස් මත්ද්‍රව්‍ය හෙවත් (Methamphetamine) (මෙතැම්පටමයින්) තොගයක් (04) කටුනායකදී සොයා ගෙන තිබෙයි.

කටුනායක ගුවන් තොටුපොළේ හරිත මාවත (Green Channel) ඔස්සේ පිටතට යෑමට තැත් කරමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අදාළ කාන්තාවඅ අත් අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් කාන්තාව අවුරුදු 33වන තායිලන්ත ජාතික කාන්තාවකි.

ඇය තායිලන්තයේ සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත ගොස් එතැන් සිට සිංගප්පූරුවේ චෙන්ඩු ගුවන් තොටුපොළේ සිට සඳුදා දින (04) රාත්‍රී 11.55ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ, ආහාර අඩංගු ඇසුරුම් කීපයක් තුළ මෙම අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05ක ප්‍රමාණය අසුරා, සගවා ගෙන තිබුණි.

මෙසේ අත් අඩංගුවට ගත් ගුවන් මගී කාන්තාව, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com