සාර්ථක මෙහෙයුමකින් පසු චීන ගගනගාමීන් පෘථිවියට

0
සාර්ථක මෙහෙයුමකින් පසු චීන ගගනගාමීන් පෘථිවියට

සාර්ථක මෙහෙයුමකින් පසු චීන ගගනගාමීන් පෘථිවියට

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස හයක කාලයක සිය රාජකාරි කටයුතු අවසන් කළ චීන ගගනගාමීන් තිදෙනෙකු යළි සාර්ථකව පෘථිවියට පැමිණ ඇති බව චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය පවසනවා.

Ye Guangfu, Li Cong සහ Li Guangsu නම් මෙම ගගනගාමීන් තිදෙනා රැගත් Shenzhou-18 අභ්‍යවකාශ යානයේ කැප්සියුලය, උතුරු චීනයේ අභ්‍යන්තර මොංගෝලියාවේ ස්වයං පාලන ප්‍රදේශයේ Dongfeng ගොඩබෑමේ ස්ථානයට ළගා වී ඇත්තේ බෙයිජිං වේලාවෙන් අද දින (04) පෙරවරු 1:24ට පමණ බව සඳහන්.

දින 192ක් පුරා අභ්‍යවකාශයේ රැඳී සිට මෙලෙස පෘථිවියට පැමිණි ගගනගාමීන් තිදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය තහවුරු කර ඇත්තේ.

පසුගිය අප්‍රේල් මස 25 දින Shenzhou-18 යානයෙන් අභ්‍යවකාශගත වූ මෙම ගගනගාමීන් සිය මෙහෙයුම් අතරතුර ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණය, අභ්‍යවකාශ ද්‍රව්‍ය විද්‍යාව, මූලික භෞතික විද්‍යාව යන ක්ෂේත්‍ර ආශ්‍රිත පර්යේෂණ රැසකට දායක වීමද විශේෂත්වයක්.

එමෙන්ම දීර්ඝ කාලයක් අභ්‍යවකාශයෙහි ඇවිදිමින් ඔවුන් මැයි මාසයේදී නව වාර්තාවක්ද පිහිට වූ අතර එය චීන ගගනගාමීන් විසින් මෙතෙක් සිදු කරන ලද දීර්ඝතම තනි අභ්‍යවකාශ ගමන ලෙසයි ඉතිහාසයට එක්ව ඇත්තේ.

චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ වැඩසටහනට අනුව 2025 වසරේදීද Shenzhou-20 සහ Shenzhou-21 අභ්‍යවකාශ මෙහෙයුම් දියත් කිරීමට නියමිත බව චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය නිවේදනය කර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com