පාකිස්තානයේ වායු දූෂණය ඉහළ යාමේන් පාසල් වැසේ

0
පාකිස්තානයේ වායු දූෂණය ඉහළ යාමේන් පාසල් වසා දමයි

පාකිස්තානයේ වායු දූෂණය ඉහළ යාමේන් පාසල් වසා දමයි

වායු දූෂණය ඉහළම මට්ටමකට යෑම හේතුවෙන් පාකිස්තානයේ ප්‍රාන්ත කීපයක පාසල් වසා දැමීමට පියවර ගෙන ඇත.

මේ හේතුවෙන් පාකිස්තානයේ ලාහෝරයේ පාසල් වසා දමා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තානයේ දෙවන විශාලතම නගරය වන ලාහෝර් නගරයේ වායු ගුණාත්මක තත්ත්වය නොවැම්බර් 02 හා 03 දිනවල වාර්තාගත ලෙස පහළ ගොස් ඇති බව බලධාරීන් පවසයි.

අද (04) උදෑසනද නගරය ඝන දුමාරයකින් වැසී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

දූෂිත වායූන් හා මීදුම හේතුවෙන් මිලියන 14ක පමණ නගර වැසියන් පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටින බවද සඳහන්වේ.
ගුණාත්මක තත්ත්වයෙන් අඩු ඩීසල් භාවිතය/අස්වනු නෙලීමෙන් පසු ඉතුරුවන පිදුරු ගිනි තැබීම හා ශීත සෘතුවේ ආරම්භය නගරය තුළ දක්නට ඇති ඝන දුමාරය මීට හේතුවී තිබේ.

ලාහෝර් නගරයේ වායු තත්ත්ව දර්ශකයේ අගය සටහන් වූයේ 1,067ක් ලෙස වන අතර මීට පෙර එහි අගය දහස ඉක්මවා ගොස් තිබුණේ නැත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com