බ්‍රිතාන්‍යයේ කන්සවේටිව් පක්ෂයේ නායකත්වයට කාන්තාවක්

0
බ්‍රිතාන්‍යයේ කන්සවේටිව් පක්ෂයේ නායකත්වයට කාන්තාවක්

බ්‍රිතාන්‍යයේ කන්සවේටිව් පක්ෂයේ නායකත්වයට කාන්තාවක්

බ්‍රිතාන්‍යයේ කන්සවේටිව් පක්ෂයේ නව නායකයා ලෙස කෙමී බේඩනොක් තේරී පත්වුණා.

හතලිස් හතර වියැති කෙමී බේඩනොක් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක නායකත්වයට පත්වූ පළමු කළු ජාතික කාන්තාව වනවා.

රොබට් ජෙන්රික් පරාජයට පත් කරමිනුයි ඇය කන්සවේටිව් පක්ෂ නායකත්ව සටන ජයග්‍රහණය කළේ.

කන්සවේටිව් පක්ෂයේ නායකයා ලෙස හිටපු අග්‍රාමාත්‍ය රිෂී සුනක් කටයුතු කළ අතර මැතිවරණයෙන් ලද පරාජයෙන් අනතුරුව නව නායකයෙකු පත්කර ගැනීම සිදුකර ගැනුණා.

නව නායකයා ලෙස තේරි පත් වූ කෙමී බේඩනොක් ජයග්‍රහණයෙන් අනතුරුව තම පක්ෂ සාමාජිකයින් අමතමින් සඳහන් කළේ කන්සවේටිව් පක්ෂ නැවුම් මුහුණුවරකට ලක්කරන බවයි. එමෙන්ම යළිත් පක්ෂය ජයග්‍රාහී මාවතට යොමු කරන බවද ඇය සඳහන් කළා.

වසර නවයක් තුළ කන්සවේටිව් පක්ෂ නායකත්වයට පත්වූ 6 වෙනියා ලෙසයි ඇය වාර්තා අතරට එක්වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com