ආගමික ස්ථානවලින් ආරක්ෂාව ඉවත්කර නැහැ

2026 වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම ඇරඹෙයි
ආගමික සිද්ධස්ථානවලට ලබාදී තිබෙන ආරක්ෂාව ඉවත් කිරීමට රජය කිසිදු පියවරක් ගෙන නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බට පිරිස් ආගමික සිද්ධස්ථානවලින් ඉවත් කිරීමට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව ආරක්ෂක අමාත්‍යංශයේ අධ්‍යක්ෂක හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් එම් බී බී නලින් හේරත් මහතා අද දින (03) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
සමාජ මාධ්‍ය හරහා ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව සඳහා යොදවා තිබූ ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ සිවිල් ආරක්ෂක නිලධාරින් ඉවත් කළා යැයි හුවමාරු වන පුවත සම්පූර්ණ අසත්‍ය පුවතක් බව ආරක්ෂක අමාත්‍යංශයේ අධ්‍යක්ෂක හා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
ආරක්ෂාවට අමතරව ආගමික සිද්ධස්ථානවල පැවැත්වෙන වාර්ෂික උත්සව සඳහාද අවශ්‍ය පරිදි ආරක්ෂක නිලධාරින් යොමු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.