ස්පාඤ්ඤය ගංවතුරෙන් මිය ගිය ගණන 208 දක්වා ඉහළට
ස්පාඤ්ඤයේ ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 208 දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය අඟහරුවාදා හටගත් ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ස්පාඤ්ඤයේ හදිසි ගංවතුර තත්ත්වයක් ඇති විය.
ගංවතුරට හසුව පාලම් සහ ගොඩනැගිලි ගසාගෙන ගිය අතර බොහෝ අයට දිවි ගලවා ගැනීම සඳහා නිවෙස් වල වහලයට නැගීමට හෝ ගස්වල එල්ලී සිටීමටද සිදු වුණි.
අතුරුදහන් වූ බොහෝ දෙනෙක් සිටින අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයිද වාර්තාවේ. කෙසේ නමුත් තවමත් අතුරුදහන් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව බලධාරීන් මෙතෙක් හෙළි කර නොමැත.
ගලවා ගැනීමේ මෙහෙයුම් සදහා සේවකයන් 1200කට අධික පිරිසක් යොදවා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විපතට පත් වූවන් සඳහා යුරෝ මිලියන 250 ($ 270m) ආධාර ප්‍රකාශයට පත් කර ඇත.