රුපියල් කෝටි 200කට අසන්න වටිනාකමකින් යුත් හෙරෝයින් කිලෝ ග්‍රෑම් 54කට ආසන්න ප්‍රමාණයක් සමඟ අඹුසැමි යුවළක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් අංශ තුනේහි නිලධාරීන් කණ්ඩායමක් විසින් සෙවණගල නුගේ ගලයාය, කිරිවැව ප්රදේශයේදීයි. එහිදී නිවස හා භුමිය පරික්ෂා කිරිමේදී එම මිදුලේ වලදමා තිබියදි සොයාගත් ප්ලාස්ටික් බහාලුම් තුනක් තුළ සුක්ෂමව සඟවා තිබූ හෙරොයින් කිලෝ 53යි ග්‍රෑම් 65ක් සොයා ගෙන තිබෙනවා.
සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබෙනවා.
මේ අතර අත්අඩංගුවට ගත් සැකකාරිය පසුගිය බදාදා (30) දිනයේ පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරින් විසින් පිළියන්දල ප්‍රදේශයේදී හෙරොයින් සමඟින් අත්අඩංගුවට ගත් ඕමල්පගේ ධම්මික සමන්කුමාරගේ සහෝදරිය බවට වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද සඳහන්.
About The Author
Related

හෙරොයින් කිලෝග්‍රෑම් 05ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.6ක් සහ එක්ස්ටසි මත්පෙති 800ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු කහතුඩුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ එහි වටිනාකම රුපියල් මිලියන 130ක් පමණ වන බවය. මේ අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02යි මිලිග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බොරැල්ල, වනාතමුල්ල…
In "දේශීය පුවත්"

ගතවූ මාස 15ක කාලය තුළදී පොලිස් විශේෂ කාර්ය බළකාය රට පුරා සිදුකළ වැටලීම් 12,879කදී පුද්ගලයන් 13,774 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. ඒ අතර ගිනිඅවි සහ පුපුරණ ද්‍රව්‍ය වැටලීම් 996කදී සැකකරුවන් 655ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිනිඅවි 876ක් සහ ජීව අත්බෝම්බ 171ක් සමඟිනි. මත්ද්‍රව්‍ය පිළිබඳ වැටලීම්…
In "දේශීය පුවත්"

රුපියල් කෝටි 05කට අධික වටිනාකමකින් යුතු කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 203ක් සමග පුද්ගලයෙකු රාජාංගනය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන්ට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයෙන් ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. එහිදී සැකකරු සතුව තිබී…
In "දේශීය පුවත්"