ඊශ්‍රා­ය­ල ප්‍රහා­ර­යෙන් ලෙබ­න­නයේ ලක්ෂ 13ක් අව­තැන්

ඊශ්‍රා­ය­ල ප්‍රහා­ර­යෙන් ලෙබ­න­නයේ ලක්ෂ 13ක් අව­තැන්

ඊශ්‍රා­ය­ල ප්‍රහා­ර­යෙන් ලෙබ­න­නයේ ලක්ෂ 13ක් අව­තැන්

ඊශ්‍රා­යල ප්‍රහා­ර­ව­ලින් අව­තැන් වූ මිලි­ය­න­ය­කට අධික සිවිල් ජන­තා­වට සහාය වීම සඳහා මස­කට අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 250ක් අවශ්‍ය වන බව ලෙබ­න­නයේ පාරි­ස­රික ඇමැති නසීර් යාසින් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එරට උද්ගත වී ඇති යුද තත්ත්ව­යෙන් පීඩා­වට පත්වූ ජන­තාව වෙනු­වෙන් සහන සැල­සීමේ වග­කීම භාරව සිටින පාරි­ස­රික ඇමැ­ති­ව­රයා ලෙබ­න­නයේ අව­තැන් වූ සිවිල් ජන­තා­වගේ මූලික අව­ශ්‍යතා වන ආහාර, පානීය ජලය, සනී­පා­ර­ක්ෂක පහ­සු­කම් සහ අධ්‍යා­ප­නය සඳහා සහන සැල­සී­මට ඉදි­රි­පත් වන ලෙස ජාත්‍ය­න්තර ප්‍රජා­වෙන් ඉල්ලී­මක් කර ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

මේ වන විට ලෙබ­නන් රජ­යෙන් සහ ජාත්‍ය­න්තර වශ­යෙන් ලබා දෙන ආධාර ප්‍රමා­ණ­වත් වන්නේ අව­තැන් වී සිටින මිලි­යන 1.3ක ජන­තාව අතු­රින් 20%ක පමණ පිරි­ස­කට බවත්, ඊශ්‍රා­ය­ල­යෙන් අඛ­ණ්ඩව එල්ල වන ප්‍රහාර හේතු­වෙන් නිවාස හැර යන සිවිල් වැසි­යන්ගේ ප්‍රමා­ණය ඉහළ යමින් පව­තින බවත් එරට පාරි­ස­රික ඇමැ­ති­ව­රයා සඳ­හන් කර ඇතැයි වාර්තා වේ.

එරට පාසල්, සුපිරි වෙළෙ­ඳ­සැල් සහ රජයේ ගොඩ­නැ­ඟිලි රැසක් මේ වන­විට අව­තැන් වූ සිවිල් වැසි­යන්ගේ කඳ­වුරු බවට පත්වී ඇතැයිද ඇමැ­ති­­රයා ප්‍රකාශ කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *