ගාසා වෙත ඊශ්‍රායල එල්ල කළ මාරාන්තික ගුවන් ප්‍රහාරයකින් 93ක් මරුට
උතුරු ගාසා තීරයේ බෙයිට් ලාහියා නගරයට ඊශ්‍රායල එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 93 දෙනෙකු ඝාතනයට පත් වි තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ මියගිය පිරිස අතර ළමුන්ද සිටින බවය.
මහල් පහකින් යුත් නේවාසික ගොඩනැගිල්ලක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල වී තිබුණි. මළ සිරුරු රැසක් ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී ඇති බව සහන කණ්ඩායම් පවසයි.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩලය සහ ඖෂධ හිඟය හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීම අපහසු වී ඇති බවය.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා උතුරු ගාසා තීරයේ, ජබාලියා, බෙයිට් ලාහියා සහ අනෙකුත් ප්‍රදේශවල පසුගිය සති දෙක තුළ ගුවන් ප්‍රහාර ක්‍රියාත්මක කළේය.