ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරානයට සුළු හානි – ඉරාන හමුදාව

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරානයට සුළු හානි - ඉරාන හමුදාව

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරානයට සුළු හානි - ඉරාන හමුදාව

ඊශ්‍රායලය ප්‍රහාරයෙන් ඉරානයට සුළු හානි පමණක් සිදු වූ බව ඉරාන හමුදාව පවසනවා.

ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ බටහිර සහ නිරිත දෙසින් පිහිටි හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල ප්‍රහාර එල්ල කෙරුණා.

තම ප්‍රතිප්‍රහාරවලට බලශක්ති හා පොදු පහසුකම් සහිත ස්ථාන ඇතුළත් නොවන බවයි ඊශ්‍රායල හමුදා පවසන්නේ.

ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කරන සැලසුම් පිළිබඳව එක්සත් ජනපදය දැනුවත් කළ නමුත් මෙම ප්‍රහාරයට එක්සත් ජනපදය කිසිදු සම්බන්ධයක් නොමැති බව පෙන්ටගනය නිවේදනය කළා.

ඊශ්‍රායල හා ඉරානය අතර සටන් අවසානය විය යුතු වුවත් ඉරානය යළි ප්‍රතිචාර දැක්වීමට තීරණය කළහොත් ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට එක්සත් ජනපදය සම්පූර්ණයෙන්ම සූදානම් බව ජෝ බයිඩන් පාලනය ප්‍රකාශ කර සිටියි.

එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාමර් පවසන්නේ ඊශ්‍රායලය ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමට ඉරානය කටයුතු පියවර නොගත යුතු බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *