නිල නිවාස නොදුන් හිටපු ඇමැතිවරුන් 14කට සිහිකැඳවීමක්

මින් ඉදිරියට අමාත්‍යවරුන්ට අධි සුඛෝපභෝගී නිල නිවාස නෑ
තවමත් නිල නිවාස භාර නොදුන් හිටපු අමාත්‍යවරුන් දාහතර දෙනකු සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නැවත සිහිකැඳවීම් නිකුත් කර තිබේ.
මෙම මස 30 වැනිදා වන විට නිල නිවාසවලින් ඉවත් වන ලෙස දන්වමින් මෙම සිහිකැඳවීම් ලිපි නිකුත් කර තිබේ. නිල නිවාසවල විදුලිය ජලය ඇතුළු සියලු උපයෝගිතා බිල්පත් පියවන ලෙසද මෙම සිහිකැඳවීමෙන් දැනුම්දී ඇති අතර ගෙවීම් නිසි පරිදි සිදු කර ඇති බවට තහවුරු කර ගැනීමෙන් පමණක් නිල නිවාස නැවත භාර ගන්නා බව දැනුම්දී ඇත.