ජොන්ස්ටන් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

ජොන්ස්ටන් රක්ෂිත බන්ධනාගාරගත කරයි

ජොන්ස්ටන් රක්ෂිත බන්ධනාගාරගත කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (23)දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

BMW වර්ගයේ මෝටර් රථයක් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක සැකකටයුතු ලෙස නවතා තැබීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අද (23) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණීමෙන් අනතුරුවයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

එමෙන්ම අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණයද අද(23) දින වරෙන්තුවක් නිකුත් කර තිබුණා.

මෙම නඩුව අද දිනයෙ (23) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණයේ පෙනී නොසිටීම හිතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කිරීම සිදුකර තිබෙන බවයි සඳහන් වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *