එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31වැනි දිනෙන් අවසන් වීමට නියමිතය.

මේ බව ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් නොමැති හෝ ගුවන් ගමන් බලපත්‍රය තමා සන්තකයේ නොමැති ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය තාවකාලික ගමන් ලියවිල්ල (TTD) සඳහා අයදුම් කිරීමට පැමිණෙන ලෙසයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් නිකුත් කරනු ලබන පිටවීමේ සහතිකය ලබාදීම සඳහා කාලයක් ගතවන බැවින් මේ මස 25වන දින හෝ ඊට ප්‍රථම ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය තාවකාලික ගමන් ලියවිල්ල සඳහා අයදුම් කිරීමට පැමිණෙන ලෙස දන්වා තිබේ.

මෙම පොදු සමා කාලය තුළ, සහාය අවශ්‍ය ශ්‍රී ලාංකිකයින් සඳහා සේවාවන් සැපයීමට කොන්සල් ජනරල් කාර්යාලය කැපවී සිටින බව දැනුම් දෙයි.

පොදු සමා කාලය ප්‍රයෝජනයට ගෙන වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට නීත්‍යානුකූල වීසා බලපත්‍ර සකස් කරගන්නා ලෙසද දන්වා තිබේ.

එමෙන්ම එසේ නොහැකි ශ්‍රී ලාංකිකයින් ආරක්ෂාකාරීව නැවත ශ්‍රී ලංකාවට යාමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස කොන්සල් ජනරාල් කාර්යාලය වැඩිදුරටත් ඉල්ලා සිටී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *