ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසාහි ජබාලියා සරණාගත කඳවුරේ 33ක් ඝාතනයට පත්වේ.

ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසාහි ජබාලියා සරණාගත කඳවුරේ 33ක් මරුට
ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුරට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයින් 33 දෙනෙකු ඝාතනයට පත් විද් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 85 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
සුන්බුන් අතර ඇතැමුන් සිරවී සිටින බවට විශ්වාස කරන බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් විදෙස් වාර්තාවල සඳහන් වේ.
මේ අතර පසුගිය සති දෙක පුරා ජබාලියා සරණාගත කඳවුරේ සිදුකළ වැටලීම්වලින් සටන්කාමීන් බොහෝ පිරිසක් ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේය.