2024 ගෝලීය භාණ්ඩ වෙළෙදාමේ වර්ධනය ගැන ලෝක වෙළෙඳ සංවිධානයෙන් තක්සේරුවක්

2024 ගෝලීය භාණ්ඩ වෙළෙදාමේ වර්ධනය ගැන ලෝක වෙළෙඳ සංවිධානයෙන් තක්සේරුවක්

2024 ගෝලීය භාණ්ඩ වෙළෙදාමේ වර්ධනය ගැන ලෝක වෙළෙඳ සංවිධානයෙන් තක්සේරුවක්

මෙම වසරේ ගෝලීය භාණ්ඩ වෙළෙඳාම සියයට 2.7කින් වර්ධනය වනු ඇතැයි ලෝක වෙළෙඳ සංවිධානය තක්සේරු කරයි.

එම සංවිධානය පසුගිය බ්‍රහස්පතින්දා (10)‘ගෝලීය වෙළෙඳාමේ දැක්ම හා සංඛ්‍යාලේඛන’ පිළිබඳ යාවත්කාලීන වාර්තාව නිකුත් කළේය. ඒ අනුව 2024 වසරේ මුල් මාස හය තුළ ගෝලීය භාණ්ඩ වෙළෙඳාම පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 2.3කින් වැඩි වී ඇති අතර වසරේ දෙවන භාගයේ හා 2025 වසරේ එම ප්‍රකෘතිමත් ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගෙන යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම මෙම වසරේ ගෝලීය භාණ්ඩ වෙළෙඳාම සියයට 2.7කින් වර්ධනය වනු ඇතැයිද තක්සේරු කර ඇත.

ගෝලීය වෙළෙඳාම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින නමුත් සැඟවුණු අවදානම් පිළිබඳව සැලකිලිමත්ව සිටිය යුතු බව ලෝක වෙළෙඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Ngozi Okonjo-Iweala මහත්මිය පැවසුවාය. මැදපෙරදිග ප්‍රදේශයේ අර්බුදකාරී තත්ත්වය ගෝලීය බලශක්ති පිරිවැය හා නාවික ප්‍රවාහන මාර්ගවලට බලපාන බවද ඇය විග්‍රහ කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *