තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කෙරේ

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කරයි

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කරයි

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය දීර්ඝ කර තිබේ.

තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය අඟහරුවාදා (08) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතව තිබුණි.

නමුත් තැපෑලේදී සිදුවිය හැකි ප්‍රමාද වීම් සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන බ්‍රහස්පතින්දා, එනම් ඔක්තෝම්බර් 10 වනදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා එය දීර්ඝ කළ බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

ඒ අනුව, තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ අවසන් දිනයේදී එනම්, 2024 ඔක්තෝබර් මස 10 දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර එම අයදුම්පත්‍ර අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලැබිය යුතුය.

අයදුම්පත්‍ර ලැබීමේදී සිදු විය හැකි ප්‍රමාදය වලක්වා ගැනීම සඳහා 2024 ඔක්තෝබර් මස 09 සහ 10 දෙදින තුළ සම්පූර්ණ කරන තැපැල් ඡන්ද අයදුම්පත්‍ර තැපෑලට භාර දීමෙන් වැළකී ඒවා එක් එක් දිස්ත්‍රික් අනුව වෙන්කර වෙන වෙනම කවර වල බහා සහතික කිරීමේ නිලධාරී කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට අතින් ගෙනවිත් භාරදීමට කටයුතු කිරීම වඩාත් යෝග්‍ය බව මැතිවරණ කොමිසම පවසයි.

එමෙන්ම කිසිදු හේතුවක් මත මෙම දිනය නැවත දීර්ඝ නොකරන බවද සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් සිය නිවේදනයෙන් දැනුම්දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *