ලෙබනනයේ පලස්තීන සරණාගතයන් 20,000ක් යළි අවතැන්
දකුණු ලෙබනනය ඇතුළුව රට පුරා සිදුවන ඊශ්රායල ප්රහාරයෙන් පලස්තීන සරණාගතයන් 20,000ක් පමණ යළි අවතැන් වී ඇතැයි පලස්තීන සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ඒජන්සිය ප්‍රකාශ කර තිබේ.
මේ වනවිට අවතැන් වූ පලස්තීන සරණාගතයන් 4,300කට පමණ හදිසි සරණාගත කඳවුරු ස්ථාපිත කර ඇතැයිද, ඊශ්රායල හමුදා අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බැවින් එම කඳවුරු ඉතා වේගයෙන් සරණාගතයන්ගෙන් පිරෙන්නට පටන් ගෙන ඇති බවත් එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.