දරුවන්ට මුඛ ආවරණ පළඳින ලෙස ඉල්ලීමක්
මේ දිනවල දරුවන් අතර පැතිර යන රෝග කිහිපයක්
ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තාවන බැවින් එම රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලා සිටියි.
අත්, පා මුඛ රෝගය (Hand, foot and mouth disease) සහිත දරුවන්ද මේ දිනවල වාර්තා වන බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරිම තුළින් දරුවන් ආරක්ෂා කරගත හැකි බවද ළමාරෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා මහතා සඳහන් කරයි.




