අත්හිටවූ සහනාධාර ලබාදීමට මැතිවරණ කොමිසම එකඟ වේ.

අත්හිටවූ සහනාධාර ලබාදීමට මැතිවරණ කොමිසමේ අනුමැතිය

අත්හිටවූ සහනාධාර ලබාදීමට මැතිවරණ කොමිසමේ අනුමැතිය

අත්හිටුවා තිබූ 2024/2025 මහ කන්නය සඳහා පොහොර සහනාධාරය සහ ධීවර ඉන්ධන සහනාධාරය ලබාදීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම සඳහන් කළේ, සැප්තැම්බර් මාසයේ හිඟ මුදලද සමග ඔක්තෝබර් මාසයට ගෙවීමට නියමිත විශ්‍රාමික වැටුප් සඳහා වැඩි කළ දීමනාවද ලබාදීමට විරුද්ධත්වයක් නොමැති බවයි.

අදාළ දීමනා ලබානොදෙන බවට ඇතැම් පුද්ගලයින් සිදු කරන සාවද්‍ය ප්‍රකාශ විශ්වාස නොකරන්නැයිද මැතිවරණ කොමිසම දැනුම් දෙයි.

එහෙත්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අයත් දේපොළ, පාර්ලිමේන්තු මැතිවරණ කාලසීමාවේදී අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීම සඳහා නිලධාරීන් හා සේවකයින් බඳවා ගැනීම, උසස් කිරීම, මාරු කිරීම සහ සීමා කිරීම සඳහා සිය අනුමැතිය ලබාගැනීම අත්‍යවශ්‍ය බවද, මැතිවරණ කොමිසම පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *