ඊශ්‍රායලය මැදපෙරදිග යුද්ධය තවදුරටත් වර්ධනය කරමින් යේමනයටත් පහර දෙයි

ඊශ්‍රායලය මැදපෙරදිග යුද්ධය තවදුරටත් වර්ධනය කරමින් යේමනයටත් පහර දෙයි

ඊශ්‍රායලය මැදපෙරදිග යුද්ධය තවදුරටත් වර්ධනය කරමින් යේමනයටත් පහර දෙයි

මැදපෙරදිග යුද උණුසුම තවදුරටත් වර්ධනය කරමින් ඊශ්‍රායල හමුදාව යේමනයේ හඳුනාගත් හවුති කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත දරුණු මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දැනටමත් ගාසා තීරයේ හමාස් සංවිධානය සහ ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානය සමඟ යුද්ධයකට පැටලී සිටින ඊශ්‍රායලය රතු මුහුදේ ජාත්‍යන්තර නෞකා වෙත ප්‍රහාර එල්ල කරමින් ඊශ්‍රායලයේ සැපයුම් මාර්ග අවහිර කිරීමට කටයුතු කරමින් සිටින හවුති කැරැලිකරුවන්ට එරෙහිව ද යුද්ධය ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඊශ්‍රායලය මේ ප්‍රහාරය ආරම්භ කර ඇත්තේ පසුගියදා එරට ටෙල් අවීව් නුවර ඉලක්ක කරමින් හවුති කැරැලිකරුවන් විසින් එල්ල කරනු ලැබූ බැලැස්ටික් මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් බව ද වාර්තා වේ.

ඊශ්‍රායල හමුදාව සතු ප්‍රහාරක ගුවන් යානා සහ ජෙට් යානා භාවිත කරමින් මිසයිල ප්‍රහාරය එල්ල කර ඇති අතර, යේමනයේ විදුලි බලාගාර සහ රස් ඉසා සහ හොඩෙයියා වරාය ඇතුළු ස්ථාන රැසක් ප්‍රහාරයට ලක්වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පලස්තීනයේ ජනතාවට දක්වන සහාය ඊශ්‍රායල ප්‍රහාරවලින් වැළැක්විය නොහැකි බව හවුති සංවිධානයේ දේශපාලන කවුන්සිලය නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *