ආචාර්ය නන්දික කුමානායක ජනාධිපති ලේකම් ධුරයට

ආචාර්ය නන්දික කුමානායක ජනාධිපති ලේකම් ධුරයට

ආචාර්ය නන්දික කුමානායක ජනාධිපති ලේකම් ධුරයට

නව ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ගෞරව උපාධිය ලබාගත් කුමානායක මහතා ජපානයේ National Graduate Institute for Policy Studies (GRIPS) වෙතින් සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ රාජ්‍ය ආර්ථික විද්‍යාව (Public Economics) පිළිබඳ ශාස්ත්‍රපති උපාධි ලබා ගෙන තිබේ. ඔහු මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ආචාර්ය කුමානායක මහතා රේගු දූෂණ (Customs Corruptions) පිළිබඳ පර්යේෂණ සිදු කර ඇති අතර එම පර්යේෂණ ජාත්‍යන්තර ප්‍රකාශන ගණනාවක ප්‍රකාශයට පත් කර ඇත.

ඔහු ලෝක රේගු සංවිධානය (World Customs Organization) මගින් පිළිගත් රේගු නවීකරණ පිළිබඳ වරලත් උපදේශකවරයෙකි.
ඔහු රේගුව තුළ සුපිළිපන්නතාවය වර්ධනය කිරීම පිළිබඳ විශේෂඥයෙකි.

ආචාර්ය කුමානායක මහතා ලෝක රේගු සංවිධානයේ දූත මණ්ඩල නියෝජනය කරමින් වෙනත් රටවල රේගු සුපිළිපන්නතාවය වර්ධනය කිරීම සඳහා වැඩසටහන් වලටද දායක වී ඇත.

1997 වසරේ රේගු නිලධාරියෙකු ලෙස සේවයට බැඳුනු කුමානායක මහතා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *