2025 වර්ෂයට අවශ්‍ය පාසල් නිල ඇඳුම් මෙවර චීන රජයෙන්

නිල ඇඳුම් ගැන නිවේදනයක්

නිල ඇඳුම් ගැන නිවේදනයක්

2025 නව පාසල් වාරය වෙනුවෙන් පාසල් ළමුන් ලක්ෂ 43කට අවශ්‍ය නිල ඇඳුම් සහ පිරිවෙන් 825 සඳහා අවශ්‍ය සිවුරු සියල්ලම ඇසුරුම් කර ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කෙරේ.

ඒ අනුව 2025 නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි 20 වනදාට පෙර එම නිල ඇඳුම් සහ සිවුරු බෙදාහැරීමට නියමිත බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙය හිමිවන අතර අධ්‍යාපන අමාත්‍යවරයා සහ චීන තානාපතිවරයා, චීන රජයේ අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එය මෙලෙස හිමිව තිබේ.

ඒ අනුව මෙම නිල ඇඳුම් 100%ක් නොමිලේ හිමි වේ.

මේ හේතුවෙන් රජයට රුපියල් මිලියන 7,000ක මුදලක් ඉතිරි වන අතර මෙම නිල ඇඳුම්වල පළමු තොගය නොවැම්බර් මස 13වන දිනත්, දෙවන තොගය නොවැම්බර් මස 21වන දිනත්, තෙවන තොගය දෙසැම්බර් මස 20වන දිනත් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවට චීන රජය විසින් තහවුරු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කලේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *