රු. ලක්ෂ 14ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 4ක් අත්අඩංගුවට

0
රු. ලක්ෂ 14ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 4ක් අත්අඩංගුවට

රු. ලක්ෂ 14ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 4ක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 14ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු මෝදර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යතුරුපැදි කිහිපයකින් පැමිණ මෝදර ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී මෙම මුදල් කොල්ලකා ඇති බවට මෝදර පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව සඳහන්.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ මෝදර පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටියේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බ්ලූමැන්ඩල් පොලීසියේ සැරයන්වරයෙක්, විශේෂ කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් සහ උතුරු කොළඹ බුද්ධි කොට්ඨාසයේ කොස්තාපල්වරයෙක්.

සැකකරුවන් කොල්ලකෑ රුපියල් ලක්ෂ 14ක මුදලින් රුපියල් ලක්ෂ 12ක් මෝදර පොලීසිය දැනට සිදුකළ විමර්ශන තුළින් සොයාගෙන තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com