පනත් කෙටුම්පත් 2කට කතානායකගේ සහතිකය

පනත් කෙටුම්පත් 2කට කතානායකගේ සහතිකය

පනත් කෙටුම්පත් 2කට කතානායකගේ සහතිකය

පසුගිය 03 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත වූ විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පත සහ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත් සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිකුරාදා දිනයේ (13) සිය සහතිකය සටහන් කළේය.

විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පත, වෙනත් රටවල අධිකරණවල නඩු තීන්දු ශ්‍රී ලංකාව තුළ අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම, විදේශ නඩු තීන්දු බලාත්මක කිරීමේ ආඥාපනත සහ (94 වන අධිකාරය වූ) නඩු තීන්දු අන්‍යෝන්‍යව බලාත්මක කිරීමේ ආඥාපනත ඉවත් කිරීම සඳහා මෙන්ම ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි. ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2024 අංක 49 දරන විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත ලෙස හැදින්වේ.

එමෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි. ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2024 අංක 50 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත ලෙස හැදින්වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *