රේගු ඉතිහාසයේ වාර්තා කළ ඉහළ ආදායම මෙවර

රේගු ඉතිහාසයේ වාර්තා කළ ඉහළ ආදායම රේගුවෙන්

රේගු ඉතිහාසයේ වාර්තා කළ ඉහළ ආදායම රේගුවෙන්

මෙම වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 1000ක ආදායමක් උපයා ගැනීමට රේගුව සමත්වී ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ එය මාස 08ක කාලය තුළ රේගු ඉතිහාසයේ වාර්තා කළ ඉහළ ආදායම බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2024 වසර සඳහා ලබාදී ඇති අපේක්ෂිත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1534කි.

මේ වසරේ මුල් මාස අට තුළ බිලියන 1000ක ආදායම් ඉලක්කයක් ළඟා කරගෙන ඇති හෙයින් අපේක්ෂිත ආදායම් ඉලක්කය කරා වසර අවසානය වන විට ළඟාවීමේ හැකියාව පවතින බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මීට පෙර ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තාව හිමිකරගත්තේ පසුගිය 2023 වර්ෂයේදීයි. එම වසරේ සමස්ත රේගු ආදායම රුපියල් බිලියන 975ක් වනවා.

සාමාන්‍යයෙන් සමස්ත රේගු ආදායමින් වැඩිම අගයක් වාර්තා වන මෝටර් රථ ආනයනය පවා සීමා කර ඇති මොහොතක මෙවැනි ඉහළ ආදායමක් වාර්තා කළ බව සරත් නෝනිස් මහතා අවධාරණය කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *