රුධිර පාරවිලයන ක්‍රියාවලියේදී සුවිශේෂී ආවේක්ෂණයක්

රුධිර පාරවිලයන ක්‍රියාවලියේදී සුවිශේෂී ආවේක්ෂණයක්

රුධිර පාරවිලයන ක්‍රියාවලියේදී සුවිශේෂී ආවේක්ෂණයක්

රුධිර පාරවිලයන ක්‍රියාවලියේදී රුධිරගතව බෝ විය හැකි විෂබීජ නොමැති බවට සුවිශේෂී ඉහළ තාක්ෂණයෙන් යුතු පර්යේෂණ මගින් තහවුරු කරන බව ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසනවා.

පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී වෛද්‍යවරයා මේ බව පැවසුවා.

මැලේරියා, උපදංශය, හෙපටයිටීස් බී, හෙපටයිටීස් සී සහ එච් අයි වී ඒඩ්ස් යන රෝග පහ මගින් ඇතිවිය හැකි තත්ත්වයන් වළක්වාගැනීම සඳහා සුවිශේෂී ඉහළම තාක්ෂණයෙන් යුතු පරීක්ෂණ භාවිතා කරන බව වෛද්‍යවරයා සඳහන් කරයි.

රුධිර දායකයා නිරෝගීව පසු වන්නේද, ඔහුගේ චර්යා රටා සහ ඔහු ඉහත රෝගවලට ගොදුරු වීමේ අවධානමක් පවතීද යන්න සම්බන්ධවද සුවිශේෂී ආවේක්ෂණයක් සිදුකරන බවද ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂවරයා පැවසුවා.

මෙය ලෝකයේ දියුණු පද්ධතීන් සෑම එකක්ම භාවිතා කරන විශ්වාසනීයම ක්‍රමය බවද අදාල රටෙහි වසංගතවේදී තත්ත්වය මෙයට බලපාන බවද කිසියම් රටක එච් අයි වී ඒඩ්ස් පවතින ප්‍රතිශතය 4% ක 5%ක මට්ටමක පවතී නම් ස්වෙච්ඡා දායකයෙකුගේ රුධිරය ලබාගැනීමේදී යම් අවධානමක් පවතින බවද ඔහු පැහැදිලි කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *