ඊශ්‍රායලයේ 500,000ක පමණ ජනකායක් එක්වූ දැවැන්ත උද්ඝෝෂණයක්
ඊශ්‍රායලයේ දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වා ඇති බව වාර්තා වෙයි. ඊට 500,000ක පමණ ජනකායක් එක්වී සිටි බවද ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
එම උද්ඝෝෂණය පවත්වා ඇත්තේ හමාස් සංවිධානය විසින් රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට කටයුතු කරන ලෙස එරට රජයට බලකරමිනි.
පසුගියදා ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 6 දෙනෙක් රෆාහි උමඟක දී ඝාතනය කර තිබුණි. ඒ අතර කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි 4 දෙනෙක් විය.
තවත් ප්‍රාණ ඇපකරුවන් 100ක් පමණ හමාස් භාරයේ සිටින බවත් ඉන් 30 දෙනෙක් පමණ මියගොස් ඇති බවත් සඳහන්ය.
ටෙල් අවීව්, ජෙරුසලම් සහ අනෙක් ප්‍රධාන නගරවල මෙම උද්ඝෝෂණ පැවැත්වුණි.