ප්‍රාණ ඇපකරුවන් 6 දෙනෙකුගේ සිරුරු හමු වූ බව ඊශ්‍රායලය පවසයි

ප්‍රාණ ඇපකරුවන් 6 දෙනෙකුගේ සිරුරු හමු වූ බව ඊශ්‍රායලය පවසයි

ප්‍රාණ ඇපකරුවන් 6 දෙනෙකුගේ සිරුරු හමු වූ බව ඊශ්‍රායලය පවසයි

ප්‍රාණ ඇපකරුවන් 6 දෙනෙකුගේ සිරුරු හමුවු බව ඊශ්‍රායල ආරක්ෂක අංශ නිවේදනය කරනවා.

පසුගිය වසරේ ඔක්තෝබර් 7වන දින හමාස් සංවිධානය පැහැර ගත් ප්‍රාණ ඇපකරුවන් 6 දෙනෙකුගේ සිරුරු මෙලෙස හමුවු බවයි ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ.

ගාසා තීරයේ රෆා ප්‍රදේශයේ භූගත බංකරයක තිබි මෙම මළ සිරුරු හමුවු බවද ඔවුන් සදහන් කරනවා. මිය ගොස් ඇති ප්‍රාණ ඇපකරුවන් අතරට ඇමෙරිකා ජාතිකයෙකුද අයත් බවයි වාර්තා වන්නේ. ඔහුගේ මරණය සැලවු වහාම තමා දැඩි කම්පනයට පත් වු බව ඇමෙරිකා ජනාධිපතිවරයා නිවේදනය කරනවා.

එම මළ සිරුරු 6 ඊශ්‍රායලයට රැගෙන ආ බවයි ආරක්ෂක අංශ සදහන් කරන්නේ.

කෙසේ වුවද එම මළ සිරුරු හමුවීමත් සමග ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට විරෝධය පළ කරමින් ටෙල් අවිව් අගනුවරදී දැවැන්ත විරෝධතාවක්ද පැවැත්වුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *